Home උණුසුම් පුවත් ලංකාවේ ඉනිම 257කට සීමාවෙයි

ලංකාවේ ඉනිම 257කට සීමාවෙයි

0
ලංකාවේ ඉනිම 257කට සීමාවෙයි

ආසියානු කුසලානය 2023 සුපිරි වටයේ බංග්ලාදේශයට එරෙහිව අද(09) පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.

විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දැමු බංග්ලාදේශ පන්දු යවන්නෝ කුසල් මෙන්ඩිස් ට හා සධීර සමරවික්‍රමට හැරෙන්නට සෙසු ක්‍රීඩකයන්ට සාර්ථක වීමට ඉඩ නොතැබූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහමඩ් සහ හසන් මහමුඩ් කඩුළු තුන බැගින් බිඳ දැමූහ. විශිෂ්ට පිතිහරඹයක නිරත සධීර සමරවික්‍රම පන්දු හැත්තෑ දෙකක දී ලකුණු 93ක් ලබාගත් අතර, කුසල් මෙන්ඩිස් පන්දු හැත්තෑ තුනකදී ලකුණු 50ක් ලබා ගත්තේය.

258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන බංග්ලාදේශ පිතිකරුවෝ මේ වනවිට ඊට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් කිසිවෙකුත් නොදැවී ලකුණු 51ක් ලබා සිටිති.

ශ්‍රී ලංකාව 257/9 (50)

බංග්ලාදේශය 51/0 (10.2)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here