Home උණුසුම් පුවත් දීඝවාපිය මහ සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බෙල්ලන්විල රජ මහා විහාරයට

දීඝවාපිය මහ සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බෙල්ලන්විල රජ මහා විහාරයට

දීඝවාපිය මහ සෑයේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බෙල්ලන්විල රජ මහා විහාරයට

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා අද (09) බෙල්ලන්විල රජමහා විහාරයට වැඩම කරවන ලදි.

එය මේ දක්වා තැන්පත් කර තිබුණේ පනාගොඩ බෝධිරාජාරාමයේ ය.

සර්වඥ ධාතූන් වහන්සේලා හා චූඩා මාණික්‍යය වැඩ සිටින රන්සිවිගෙය හේවිසි පුජා මධ්‍යයේ අලංකාර පෙරහැරකින් බෙල්ලන්විල රජ මහා විහාරයට වැඩම කරවා ඇත.

සැප්තැම්බර් 10 සහ 11 යන දිනයන් හි බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා එම විහාරස්ථානයේ තැන්පත් කෙරෙනු ඇත.

අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සහ චුඩා මාණික්‍යය මෙම මස 12 වන දින පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙනේදිත්, 13 වන දින රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේදිත් , 14 වන දින මහරගම ධර්මායතනයේදීත්, 15 වන දින කෝට්ටේ රජමහා විහාරයේදීත් සියැසින් දැක වන්දනාකර කුසල් උපදවා ගැනීමට සැදැහැවත් ලක්වාසි ජනී ජනයාට අවස්ථාව උදාවෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here