Home උණුසුම් පුවත් දේශීය ආදායම් – සමාජ ආරක්ෂණ බදු නීති අද සිට බලාත්මකයි

දේශීය ආදායම් – සමාජ ආරක්ෂණ බදු නීති අද සිට බලාත්මකයි

දේශීය ආදායම් – සමාජ ආරක්ෂණ බදු නීති අද සිට බලාත්මකයි

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) නීති අද සිට බලාත්මක ‍වෙයි.

ඒ පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සම්මත කරන ලද එම පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද සිය සහතිකය සටහන් කිරීමත් සමඟයි.

මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙ‌රේදා (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදුවිය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත වශයෙන් මෙම පනත් දෙක අද (08) සිට බලාත්මක ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here