Home උණුසුම් පුවත් පාසල් දරුවන්ගේ මානසික ප්‍රශ්න ඉහළට -විසඳන්න අලුත් වැඩක්

පාසල් දරුවන්ගේ මානසික ප්‍රශ්න ඉහළට -විසඳන්න අලුත් වැඩක්

පාසල් දරුවන්ගේ මානසික ප්‍රශ්න ඉහළට -විසඳන්න අලුත් වැඩක්

මෙරට පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.

මේ යටතේ ගුරුවරුන්ට ළමයින්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීම සඳහා විශේෂ පුහුණුවක්ද ලබා දෙනු ඇති.

මෙමගින් යම් යම් මානසික ගැටලුවලට ගොඳුරු වී ඇති ළමුන් හඳුනාගෙන ඔවුන් ප්‍රතිකාර හා උපදේශනය සඳහා යොමුකරවීමටද පියවර ගන්නා බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය සඳහන් කළේය.

මෑත කාලීනව පාසල් සිසුන් මානසික ගැටලු රැසකට මුහුණ දී ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

අධික ලෙස කේන්ති යාම මෙන්ම මානසික ප්‍රශ්න විසඳාගැනීමට ඔවුන් තුළ දැනුමක් නොමැති වීම දැඩි ගැටලුවක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here