Home උණුසුම් පුවත් මෙරට ලාදුරු රෝගීන් වැඩිවෙලා

මෙරට ලාදුරු රෝගීන් වැඩිවෙලා

මෙරට ලාදුරු රෝගීන් වැඩිවෙලා

මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වසරේ මුල් මාස 7 තුළ පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව රෝගීන් 864 කි.

කොළඹ ප්‍රදේශයෙන් ලාදුරු රෝගීන් 161 ක් හමුව ඇති අතර එගොඩවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් රෝගීන් 47 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කළේ, ලබන සතියේ සිට බස්නාහිර පළාත තුළ ලාදුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here