තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ චෝදනා ගැන චීනයේ දැඩි විරෝධය

    ඇමරිකාවේ චෝදනා ගැන චීනයේ දැඩි විරෝධය

    ඇමරිකාව සත්‍යය නොතකා, සැලසුම් සහගත ව තම රටට චෝදනා නැගීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කරයි.
     
    නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකාව හිතාමතා ම චීනය අපකීර්තියට පත්කළ බවට අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව කියාසිටියේය.
     
    ඊයේ (07) පැවති නැගෙනහිර ආසියානු නායක සමුළුවේ දී ඇමරිකානු නියෝජිතයා චීනයේ තායිවානය සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනයට චෝදනා නගා තිබේ.

    තායිවාන ගැටළුව චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත්, කිසිදු බාහිර බලවේගයකට ඊට බාධා එල්ල කිරීමට නොහැකි බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කරයි.

    එකම චීනය යන මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන නිසියාකාරව අනුගමනය කරමින්, තායිවාන ගැටළුව යොදාගෙන චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img