Home උණුසුම් පුවත් මන්ත්‍රී වීරසිංහගේ ප්‍රධාන ආරක්ෂකයා අත්අඩංගුවට

මන්ත්‍රී වීරසිංහගේ ප්‍රධාන ආරක්ෂකයා අත්අඩංගුවට

0
මන්ත්‍රී වීරසිංහගේ ප්‍රධාන ආරක්ෂකයා අත්අඩංගුවට

සිය ඥාතියෙකු සමඟ එක්ව අවුරුදු 15ක් වයසැති සිසුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා සමඟ ඥාතියාව ඉගිණියාගල පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ පෙරේදා (04)ය. එම දරුවා ඉගිණියාගල දේවාලහින්න, ගල්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පහරදීම සම්බන්ධයෙන් දරුවාගේ මව විසින් පොලීසියට කල පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා පොලීසිය මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පහරකෑමට ලක්වූ දරුවා අම්පාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here