තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවල් කුලී නීතිය වෙනස් කෙරේ

    ගෙවල් කුලී නීතිය වෙනස් කෙරේ

    ගෙවල් කුලී සම්බන්ධයෙන් නීති ඇතුළත් දැනට පවතින පනත අවලංගු කර නව පනතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

    දැනට පවතින 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත, ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දී තිබුණි.

    එම පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කරනු ලැබ ඇත.

    නමුත් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනීගොස් තිබේ.

    මෙම පනත යළි අධ්‍යයනය සඳහා ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබීය.

    අදාළ කමිටුව මේ වනවිට ඒ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇත.

    ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබේ.

    එම යෝජනා සැලකිල්ලට ගෙන දැනට පවතින ගෙවල් කුලී පනත අවලංගු කිරීමට රජය තීරණය කර ඇත.

    එමෙන්ම පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත නමින් නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පියවර ගෙන තිබේ.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් මේ පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img