රාජගිරිය ප්‍රදේශයේදී නිරෝධායන රීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) දහවල් දක්වා එම සාදය පවත්වා ඇත.
ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.
සැකකරුවෙකු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබේ.