වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට
මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහාය ලබාදීමට එකගවු බැවින් එම කටයුත්ත මෙසේ ආරම්භ කරන බව අමාත්‍යවරයා අද(04) සඳහන් කළේය.
වංචනිකව මුදල් උපයා විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව වෙනුවෙන් මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරන බවත්, නව දුෂණ විරෝධි පනත ලබන 15 වැනි දින සිට බලාත්මකවීමත් සමග එවැනි පුද්ගලයින් පිළිබදව කටයුතු කිරීමේ හැකියාව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ලැබෙන බවත්, අධිකරණ අමාත්‍යතුමා පැවසීය.
සොරකම් කරන ලද වත්කම් නැවත ලබා ගැනීම සදහා ලෝක බැංකුව සහ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලය එක්ව කටයුතු කරනු ලබන STAR ක්‍රමවේදය අනුව වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කිරීමට නියමිතයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත Marco Teixeira මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු, නැගෙනහිර හා පැසිපික් කලාපීය මෙහෙයුම් ඒකකයේ Ekaterina Kolykhalova, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා වැඩ සටහනේ ගෝලීය සමුද්‍ර හා අපරාධ අංශයේ ප්‍රධානී Siri Bjune, මත් ද්‍රව්‍ය සහ අපරාධ පිළිබදව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ මෙරට ජාතික වැඩ සටහන් සම්බන්ධිකාරක අනුෂා මුණසිංහ මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.