Home විදේශීය පුවත් ඇමරිකාව පැන වූ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් වෙනිසියුලාව අර්බුදයක

ඇමරිකාව පැන වූ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් වෙනිසියුලාව අර්බුදයක

ඇමරිකාව පැන වූ ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් වෙනිසියුලාව අර්බුදයක

ඇමරිකාව විසින් වෙනිසියුලාවට පනවනු ලැබ ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ඩොලර් බිලියන 22 කට වැඩි වත්කම් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අත්හිටුවා ඇත.

එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය විලියම් කැස්ටිලෝ මහතා ඊයේ (2) මේ බව ප්‍රකාශ කර ඇතැයි, වෙනිසියුලානු මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්හිටුවා ඇති වත්කම්වලින් ඩොලර් බිලියන 5 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතු විශේෂ ගැනුම් හිමිකම් ලෙස පවතින බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා ඇත.
කොරොනා වසංගතය අවසන් වීමෙන් පසු වෙනිසියුලාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා මෙම මුදල් වෙනිසියුලානු මහ බැංකුවට මාරු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබිණ. නමුත් මේ වන තෙක් එරට මහ බැංකුවට එම මුදල් ලැබී නොමැති බව මාධ්‍ය වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here