Home දේශීය පුවත් උණට දුන්න බෙහෙතෙන් දැරියකට අතක් අහිමිවේ

උණට දුන්න බෙහෙතෙන් දැරියකට අතක් අහිමිවේ

0
උණට දුන්න බෙහෙතෙන් දැරියකට අතක් අහිමිවේ

උණ රෝගයක් වැලදීමෙන් යාපනය රෝහලට ඇතුලත් කර සිටි අවුරුදු 08ක දැරිවියකගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ශල්‍යකර්මයක්කර ඉවත් කිරීමක් සම්බන්ධයෙන් දැරියගේ දෙමාපියන් විසින් යාපනය පොලීසියට ඊයේ (03) පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

මෙම දැරිවියගේ අත ඉවත්කර ඇත්තේ පසුගිය 01 වෙනිදාය.

සාන්ඩිල්යන් වෛරශාලි නැමැති මෙම දැරිවිය රෝහල්ගතකර ඇත්තේ පසුගිය 25 වෙනිදාය. උණ රෝගය සුව නොවීම හේතුවෙන් මෙම දැරිවියට Clindamyein නැමැති ඖෂධය ලබාදී ඇති බවද මවුපියන් විසින් කර ඇති පැමිණිල්ලලෙහි සඳහන් වන බව පොලීසිය කියයි.

ඒ අය පොලීසියෙන් ඉල්ලා ඇත්තේ දැරියගේ අත කපා ඉවත්කිරීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here