Home දේශීය පුවත් ලිට්‍රෝ මිල ඉහළ දමයි

ලිට්‍රෝ මිල ඉහළ දමයි

0
ලිට්‍රෝ මිල ඉහළ දමයි

ලිට්‍රෝ ගෑස් සමාගම අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,127කි.

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි.

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ දැමීම මෙම ඉහළ දැමීමට හේතුව බව ලිටෝ සභාපති මුදිත පීරිස් පෙන්වා දුන්නේය.

වෙන පාටක ගෑස් සිලින්ඩරයක් ලිට්‍රෝවලට වඩා රු.700ක වැඩි මුදලකට ලබා දෙද්දි සිය පාරිභෝගිකයන්ට තමන් මේ දක්වා සහනයක් සැලසූ බව හෙතම කියා සිටියේය.

නිසි කළමනාකාරිත්වයක් නොවුණේ නම් අද මාධ්‍යම රාත්‍රියේ සිට රුපියල් දහසකට අධික මුදලකින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල ඉහළ යාමට ඉඩ තිබූ බව ද හෙතම පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here