Home උණුසුම් පුවත් පොහොර- පළිබෝධනාශක- වල්නාශක හදන අයට අලුත් ණය යෝජනා ක්‍රමයක්

පොහොර- පළිබෝධනාශක- වල්නාශක හදන අයට අලුත් ණය යෝජනා ක්‍රමයක්

පොහොර- පළිබෝධනාශක- වල්නාශක හදන අයට අලුත් ණය යෝජනා ක්‍රමයක්

අංජනා මල්ලවආරච්චි

පොහොර, පළිබෝධනාශක, වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා මහජන බැංකුව සාරභූමි නමින් නව ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබේ.

මේ යටතේ සහනදායී පොලී අනුපාතයකට උපරිම වසර 10 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයකට යටත්ව සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර තුනක ආපසු ගෙවීමේ කාලයකට යටත්ව ණය නිකුත් කරන බව මහජන බැංකුව කියයි.

මෙම ණය මුදල සදහා සුදුසුකම් ලැබීමට පොහොර නිෂ්පාදකයින් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහතිකයක් ලබාගැනීම අනිවාර්‍ය වේ.

පළිබෝධනාශක සහ වල් නාශක නිෂ්පාදකයින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අදාල බලපත්‍රය ලබාගත යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here