අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි හම සහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 1250ක මිලකට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කිරීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමය එකඟතාවය පළ කර තිබේ.
කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවකදී මෙම එකඟතතාව පලවී ඇත.
එම සාකච්ඡාවට දැනට අප රටේ කුකුළුමස් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවන් මෙන්ම මහා පරිමාණ වශයෙන් බිත්තර නිෂ්පාදනය කරන සියලුම කර්මාන්තකරුවෝ සහභාගී වී සිටියහ.
රජය විසින් මේ වනවිට බිත්තර මිල පාලනය සඳහා තවත් බිත්තර මිලියන 91ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කුකුළු මස් මිල ද අඩු නොකළහොත් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීම සඳහා කුකුළු මස් ද ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජයට සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
කිසියම් සුපිරි වෙළෙඳසැලක් ඊට වැඩි මිලට අලෙවි කරන්නේ නම් 0712732679 දුරකථනය මගින් කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ සංගමයේ අජිත් වීරසිංහ මහතාට දැනුම් දෙන ලෙස ද එම කර්මාන්තකරුවන් පාරිභෝගිකයින්ගෙන් එහිදී ඉල්ලා සිටී.