Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 4කට නායයාමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික් 4කට නායයාමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික් 4කට නායයාමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික් 4කට තවදුරටත් නායයාමේ අවදානම් අනතුරු ඇඟවීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්වලට පවතින අධික වැසි තත්ත්වය මත නායයාමේ අවදානමක් පවතී.

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල ප්‍රදේශවල ජනතාවට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, ඇල්පිටිය යන ප්‍රදේශවලට ද නායයා‍මේ අවදානම අනතුරු අඟවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here