අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත චීන-ඇමරිකානු ආර්ථික සහ වෙළඳ සහයෝගිතාව තවදුරටත් පුළුල් කළ යුතු බව ඇමරිකාවේ චීන තානාපති ශී ෆෙං මහතා පවසයි.
ඔහු මේ බව කියාසිටියේ, පසුගිය 29 වැනිදා පැවති 5 වැනි Forbes ඇමරිකානු-චීන ව්‍යාපාරික සංසදය අමතමිනි.
චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සබඳතා පූර්ණ ක්‍රියාකාරිත්වයට පත්කිරීමේ අවශ්‍යතාව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බිඳ වැටුණහොත් එය ලොව මුහුණ පාන විශාලතම අවදානමක් වනු ඇත. එසේම, දෙරට එකිනෙකාට එරෙහි වුවහොත් එය ලොවට විශාලතම අනාරක්ෂිත භාවය රැගෙන එනු ඇත.
වත්මන් චීනයේ ආර්ථික වර්ධනය කෙරෙහි අසුබවාදී ඇසින් බලන පුද්ගලයන් පිළිබඳව, ශී ෆෙං මහතා ප්‍රකාශ කළේ, චීනයේ අඛණ්ඩව සංවර්ධනයෙන් පමණක්, ලෝකය වඩාත් සමෘද්ධිමත් වනු ඇති බවයි.
වත්මන් ලෝකය කැලඹිලිවලින් පිරී තිබේ. ආර්ථික ප්‍රකෘතිමත් භාවය ස්ථාවර තත්ත්වයක නොපවතී. සියලුදෙනාම එකම බෝට්ටුවක සිටින තත්ත්වයක් උදා වී ඇත. මේ පසුබිම තුළ කිසිවෙකුට තනිව ජීවත් විය නොහැකි වන අතර, තම වාසිය උදෙසා අන්අයගේ ප්‍රතිලාභ උදුරා නොගත යුතු බව ද තානාපතිවරයා කියාසිටී.
එසේම, චීනය සහ ඇමරිකාව අතර ගැටුමෙන් ජයග්‍රාහකයෙකු බිහිවන්නේ නැතිවා සේම, එහි ප්‍රතිඵලය සමස්ත ලෝකයටම දරාගත නොහැකි වනු ඇත. ගෝලීය අභියෝගවලට මුහුණ දීමට සහ ලෝකයට තිරසර සාමය හා සංවර්ධන ප්‍රතිලාභ උදා කර දීමට ඇති එකම ප්‍රශස්ත මාර්ගය, චීනය හා ඇමරිකාව නිසි සහයෝගිතා පැවැත්වීම යැයි ද ශී ෆෙං මහතා කියා සිටියේ ය.