Home උණුසුම් පුවත් බස් ගාස්තු ඉහළට – ලැයිස්තුවම මෙන්න..

බස් ගාස්තු ඉහළට – ලැයිස්තුවම මෙන්න..

බස් ගාස්තු ඉහළට – ලැයිස්තුවම මෙන්න..

හෙට(02) දින මධ්‍යම රාත්‍රියේ සිට (2023.09.03 දින අළුයම 01 සිට) ක්‍රියත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දමා තිබේ.

බස්රථ හිමියන්ගේ සංගම් සහ බලධාරීන් අතර සාකච්ඡාවක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේදී අද පැවැත්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පළමු ගාස්තුව රු.30/- තවදුරටත් නොවෙනස්ව පවතී.

අනෙකුත් සියළුම බස් ගාස්තු අවස්ථා 4.01%කින් වැඩි වන ලෙසත් සකස් කර ඇත.

පසුගිය 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටර් එකක මිල රු.306/- සිට රු.341/- දක්වා රු35/- කින් වැඩි වීම මෙම බස් ගාස්තු වැඩිවීමට හේතුවයි.

ජාතික බස්ගාස්තු ප්‍රතිපත්තිය සඳහන් මිල සූත්‍රයට ගැලපූ විට 4.01% බස් ගාස්තුව වැඩිවිය යුතු බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

මෙහිදී අනෙකුත් සියළුම බස් සේවාවල ද ඉහත ප්‍රතිශතයෙන් බස් ගාස්තුව සංශෝධනය වන බව ද එම කොමිෂන් සභාව දන්වා සිටී.

ඒ අනුව සංශෝධනය කරන ලද සාමාන්‍ය සේවා බස් ගාස්තුවට අදාළ ගාස්තු පහතින් දක්වා ඇත.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here