Home උණුසුම් පුවත් QR ක්‍රමයට තෙල් ගැහිල්ල අහෝසියි

QR ක්‍රමයට තෙල් ගැහිල්ල අහෝසියි

QR ක්‍රමයට තෙල් ගැහිල්ල අහෝසියි

මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදයට අනුව ඉන්ධන කෝටාවකට තෙල් මිලදී ගැනීම අද (01) සිට අහෝසි කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

කොවිඩ්-19 වසංගතයේ බලපෑමත් සමග උග්‍ර වූ විදේශ විනිමය අර්බුදය නිසා සතිපතා සීමිත කෝටාවකට පමණක්, ඒ ඒ වාහන හිමියන්ට අනන්‍ය වූ QR ක්‍රමවේදයකට ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීම මෙතෙක් සිදුවිය.

චීනයේ සිනොපෙක් සමාගම ඊයේ සිට මෙරට තුළ ඉන්ධන අලෙවිය ආරම්භ කර ඇත.

මෙරටට තෙල් ආනයනය, අලෙවිය හා බෙදාහැරීමට තෙල් නිෂ්පාදන රටවල පෞද්ගලික සමාගම් වෙත අවසර දීමත් සමග මෙරට තෙල් අර්බුදයට සහනයක් හිමිවීමෙන් මෙම පියවර ගැනීමට රජයට අවකාශය සැලසිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here