Home උණුසුම් පුවත් කෙහෙළිය ගැන තීන්දුව 8වැනිදා

කෙහෙළිය ගැන තීන්දුව 8වැනිදා

0
කෙහෙළිය ගැන තීන්දුව 8වැනිදා

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ විවාදය ලබන 6,7 හා 8 දිනයන්හි පැවැත්විමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (01) තීරණය කර ඇත.

ඒ අනුව අදාළ විවාදය අවසානයේ ලබන 8වැනිදා පස්වර් 5.30ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙයි.

ඖෂධ භාවිතයට ගැනීමෙන් පසු රෝගීන් මියයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට පවතින කඩාවැටීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සමගි බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here