ශ්‍රි ලාංකිකයින් 5000 කට ආසන්න පිරිසක් රැකියා කරමින් සිටින ඊශ්‍රායලයේ මතුව ඇති ගැටුම් තත්ත්වය පිළිබඳ එහි ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමී සංවිධාන අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම දැනුම් දීම කර ඇත.
හැමවිටම සිය ගමන් බලපත්‍ර තමා සන්තකයේම තබා ගැනීමට කටයුතු කරන ලෙස තානාපති කාර්යාලය ඒරට රැදි සිටින ලාංකිකයින්ට දැනුම් දෙයි.
පවතින වාතාවරණය තුළ පිරිස වැඩි වශයෙන් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වැළකිම, අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වැළකීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒරට රැදී සිටින ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කරයි.
කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතා වෙනුවෙන් ටෙල් අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සූදානමින් සිටී.