Home උණුසුම් පුවත් රටේ නැති එන්නත්

රටේ නැති එන්නත්

රටේ නැති එන්නත්

මෙනින්ජයිටීස් රෝග හා කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බවයි.

ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු කීය.

එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

ඒ අනුව අදාළ සැපයුම්කරු මගින් කඩනමින් එන්නත් ආනයනයට සැලසුම් කර ඇති බව ඔහු පවසයි.

මැදපෙරදිග කලාපයේ සමූහ වශයෙන් සංචාරය කරන පුද්ගලයින්ට මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන අතර එම එන්තත් ද මේ වනවිට මෙරට ගබඩාවල නොමැති බව ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ එන්නත් මේ වනවිට ඇණවුම් කර ඇති ඒවා ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබෙනු ඇතැයි වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here