තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගාල්ල මහින්දය පළමු 'වාසියන් සුපර් සික්සර්ස්' ක්‍රිකට් ශූරතාව දිනයි

    ගාල්ල මහින්දය පළමු ‘වාසියන් සුපර් සික්සර්ස්’ ක්‍රිකට් ශූරතාව දිනයි

    කුරුණෑගල මලියදේව විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයේ දී පරාජයට පත්කරමින් මහින්ද විද්‍යාලයීය පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම වාසියන් සුපර් සික්සර්ස් (Vazians Super Sixers) – 2023 ශූරතාව දිනා ගැනීමට අද (27) සවස සමත් විය‍.

    වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයීය අදි ක්‍රිකට් සංගමය පළමුවරට සංවිධානය කළ මෙම තරගාවලියට මෙරට ප්‍රමුඛ පෙළ පාසල් 24ක් එක්ව සිටියේය. තරගාවලිය දින දෙකක් පුරා ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී ඊයේ සහ අද දිනයේ පැවැත්විණි.

    අවසන් පූර්ව තරගවල දී කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පරාජය කරමින් ගාල්ල මහින්ද විද්‍යාලයත්, මාතර ශාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් කුරුණෑගල මලියදේව විද්‍යාලයත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    කාසිය වාසිය දිනු මලියදේව නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මහින්ද විද්‍යාලයට පිරිනැමීය. ඒ අනුව ප්‍රබල ලකුණු පුවරුවක් නිර්මාණය කළ මහින්ද විද්‍යාලය පන්දුවාර පහක් තුළ කඩුලු දෙකක් දැවී ලකුණු 67ක් ලබාගත්තේය. පන්දු දොළහකදි ප්‍රමේෂ් මදුභාෂණ ලකුණු 22ක් සහ පන්දු හතකදි නායක තරුෂ දිල්ෂාන් ලකුණු 16ක් ලබා ගත්හ.

    ලකුණු 68ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය මලියදේව කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයන් පන්දුවාර හතරයි පන්දු හතරක් තුළ ලකුණු 49කට දවා ගැනීමට මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

    වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයීය අදි ක්‍රිකට් සංගමයේ මූලිකත්වයෙන් JF Chicken ප්‍රධාන අනුග්‍රහය යටතේ HB ක්‍රිකට් උපකරණ සම අනුග්‍රහයෙන් සංවිධාන වූ මෙම තරගාවලිය දින දෙකක් පුරා thepapare.com ඔස්සේ සජීවිව විකාශය කිරීමට ද පියවර ගෙන තිබිණි.

    මහින්ද විද්‍යාලය 67/2 (5)

    මලියදේව විද්‍යාලය 49/5 (4.4)

    Vazians Super Sixers -2023 තරගාවලියේ

    • හොඳම පන්දු රකින්නා සහන්ජිත් සමාජිත් (ගාල්ල මහින්ද විද්‍යාලය)
    • හොඳම පන්දු යවන්නා ජිමුත් ඉද්දමල්ගොඩ (මාතර ශාන්ත තෝමස් විද්‍යාලය)
    • හොඳම පිතිකරු දිමන්ත අරූෂ (කුරුණෑගල මලියදේව විද්‍යාලය)
    • තරගාවලියේ වීරයා ප්‍රමේශ් මදුභාෂණ (ගාල්ල මහින්ද විද්‍යාලය)

    ශූරතාව දිනාගත් මහින්ද විද්‍යාලයට JF කුසලානයට අමතරව රු.150000ක් සහ HB ක්‍රිකට් උපකරණ කට්ටලයක් හිමි විය. අනුශූරතාව සමඟ කුරුණෑගල මලියදේව විද්‍යාලයට රු.100000 සහ HB ක්‍රිකට් උපකරණ කට්ටලයක් හිමි විය.

    වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ජීව ගුණවර්ධන පියතුමා, නි. විදුහල්පති අනුර කමල්සිරි, JF Chicken සභාපති හෙන්රි ජයවර්ධන මහත්වරු ඇතුළු ආදි ජෝශප් වාස් ක්‍රිකට් සංගමය, ජෝශප් වාස් ආදි ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තෝ රැසක් ජය සංකේත ප්‍රදානය සමඟ එක්ව සිටියහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img