තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුම දීමනා දෙන දවස

    අස්වැසුම දීමනා දෙන දවස

    අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ලක්ෂ 8 දෙනකුට ජුලි මාසයට අදාළ මුදල් සඳුදා දින බැංකු වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.

    ඒ දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙනි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බව ය.

    මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

    එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    ලබන අඟහරුවාදා සිට බැකු මඟින් අස්වැසුම තෝරාගත් ප්‍රතිලාභින්ට මුදල් ලබාගැනීමට හැකියාව පවතී.

    එමෙන්ම වැරදි තොරතුරු ලබාදී ප්‍රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරමින් සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img