Home උණුසුම් පුවත් රොමේනියාවේ ගෑස්හලක පිපිරීම් 2ක් -ගිනිනිවන භටයන්ටත් තුවාල -ගින්න තවමත්

රොමේනියාවේ ගෑස්හලක පිපිරීම් 2ක් -ගිනිනිවන භටයන්ටත් තුවාල -ගින්න තවමත්

රොමේනියාවේ ගෑස්හලක පිපිරීම් 2ක් -ගිනිනිවන භටයන්ටත් තුවාල -ගින්න තවමත්

රොමේනියාවේ ක්‍රෙවේඩියා නගරයේ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) පිරවුම්හලක සිදුවූ පිපිරීම් දෙකකින් එක් පුද්ගලයෙක් මිය ගොස් 46 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි එරට වාර්තා පවසයි.

පළමු පිපිරීමෙන් පසු ගින්න ටැංකි දෙකකට සහ අසල නිවසකට වහා පැතිරී ඇත.

මඟින් මීටර් 700 ක අරයක් තුළ කඩිනමින් පුද්ගලයන් ඉවත් කිරීම් සිදු වූ අතර මාර්ගයේ ගමනාගමනය අවහිර වූ බව රජයේ හදිසි ප්‍රතිචාර ඒකකය (IGSU) පවසයි.

සෙනසුරාදා සවස එම ස්ථානයේ සිදුවූ දෙවන පිපිරීමෙන් ගිනි නිවන භටයින් 26 දෙනෙකු තුවාල ලැබූ බව හදිසි ප්‍රතිචාර ඒකකය භාර අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රේඩ් අරෆත් වාර්තාකරුවන්ට පැවසීය.

තුවාල ලැබූ 46 දෙනාගෙන් 8 දෙනෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති බව රජය පවසයි.

‘අපි හිතන්නේ රෝගීන්ගෙන් හතර දෙනෙකු අද රාත්‍රියේ ඉතාලියේ සහ බෙල්ජියමේ රෝහල්වලට මාරු කරාවි කියලා’ අගමැති මාර්සෙල් සියෝලාකු අර්බුදය පාලනය කිරීමට සම්බන්ධ රාජ්‍ය ආයතන සමඟ හදිසි රැස්වීමකින් පසුව වාර්තාකරුවන්ට පැවසීය.

ගිනි නිවන රථ 25ක් පමණ එම ස්ථානයට යොදවා ඇතත් තවමත් ගින්න නිවා දැමීමට නොහැකි වී තිබේ.

අරෆත් පැවසුවේ එම ස්ථානයේ ඇති තුන්වන ටැංකිය අවදානමක් ඇති බැවින් තවත් පිපිරීම් සිදුවිය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here