තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියට එරෙහි පැමිණිලි විමර්ශනය ඉක්මන් කරයි

    පොලීසියට එරෙහි පැමිණිලි විමර්ශනය ඉක්මන් කරයි

    පොලිස් සේවයට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ එරෙහි මහජන පැමිණිලි විමර්ශනය කඩිනම් හා විධිමත් කරමින් ජාතික පොලිස් කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    පොලිසියට එරෙහි මහජන පැමිණිලි විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට නව ගැසට් නිවේදනය මගින් විමර්ශන කමිටුවලට බලය ලබාදී ඇති අතර එමගින් අගතියට පත්වන පාර්ශ්වයන්ට කඩිනමින් සහන ලැබෙන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.

    පොලිස් සිර මැදිරිවල රඳවා සිටින පුද්ගලයකු ගෙන් ප්‍රශ්න කිරීමට ඔවුන් පිළිබඳ විභාග කිරීමට පොලීසියට කරන ලද ප්‍රකාශවල පිටපත් ලබා ගැනීමට බලයලත් නිලධාරියෙකුට හෝ කොමිෂන් සභා විසින් පත්කරන ලද වෙනත් ස්වාධීන විමර්ශන නිලධාරීන්ට බලය පැවරීමට පොලිස් කොමිෂන් සභාවට හැකි බවද එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ.

    පොලීසියට හෝ පොලිස් නිලධාරීන්ට හෝ එරෙහි පැමිණිලි විමර්ශණයට අදාළව 2017 වසරේ නොවැම්බර් මස 28 වැනි දින නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img