Home උණුසුම් පුවත් රුසියානු වැග්නර් කුලී හේවා ලොක්කා ගිය ගුවන්යානය කඩාවැටෙයි

රුසියානු වැග්නර් කුලී හේවා ලොක්කා ගිය ගුවන්යානය කඩාවැටෙයි

රුසියානු වැග්නර් කුලී හේවා ලොක්කා ගිය ගුවන්යානය කඩාවැටෙයි
This photograph posted on a Wagner linked Telegram channel @grey_zone on August 23, 2023, shows a burning plane wreckage near the village of Kuzhenkino, Tver region. A private plane crashed in Moscow's Tver region and Wagner chief Yevgeny Prigozhin was on the list of passengers, Russian agencies said on August 23, 2023. - RESTRICTED TO EDITORIAL USE (Photo by Handout / TELEGRAM/ @GREY_ZONE / AFP) / RESTRICTED TO EDITORIAL USE

ලොවපුරා දැඩි ආන්දෝලනයට ලක්වූ රුසියානු වැග්නර් කුලී හේවායන්ගේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් බදාදා සවස මොස්කව් නගරයට උතුරින් කඩා වැටුණු පුද්ගලික ජෙට් යානයක ගමන් ගත් මගීන්ගේ ලයිස්තුවේ සිටි බවට මගියෙකු රුසියානු බලධාරීහු පැවසූහ.

ඒ අනුව අදාල ගුවන්යානයේ ගමන් ගත් සියලුමදෙනා පාහේ මරණයට පත්ව ඇති බවට සැකකරන බවද රුසියානු බලධාරීහු නිවේදනය කලහ.

කෙසේවෙතත් යෙව්ගනි අදාල ගුවන්යානයේ සිටියේද යන්න තවමත් තහවුරු කරගැනීමට නොහැකි වී ඇති බවද බටහිර මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ ආර්.ටී පුවත් සේවය වාර්තා කරන අන්දමට අදාල ගුවන් යානය වයඹදිග ට්වර් කලාපයේ කුෂෙන්කිනෝ ගම්මානය අසලදී මෙම අනතුර සිදුවී ඇත.

ඇතැමුන් මෙම ගුවන් යානය Embraer Legacy 600 ලෙස හඳුනාගෙන ඇති අතර, එය යෙව්ගනි හට අයත් යැයි විශ්වාස කෙරෙන අංකය RA-02795 සඳහන්ව තිබූ බවටද පැවසේ. කෙසේ වෙතත්, මෙය රුසියානු බලධාරීන් විසින් තවමත් තහවුරු කර නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් විසින් මේවන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර යානය කඩා වැටුනු ස්ථානයට ආරක්ෂක අංශ සමාජිකයින් පැමිණ ඇති බවටද රුසියානු මාධ්‍ය සඳහන් කරයි. එමෙන්ම මේවන විට සිරුරු අටක් සොයා ගැනීඹට හැකියව ලැබී ඇති බවත් යානයේ කර්යමණ්ඩලය සමඟ දස දෙනෙකු ගමන් කර ඇති බවද රුසියානු බලධාරීන් සඳහන් කරයි.

62 හැවිරිදි යෙව්ගනී ඉකුත් , ජූනි 23-24 දිනවල රුසියාවේ හමුදාවන්ට එරෙහිව කැරැල්ලකට නායකත්වය ලබා දුන්නේය. කෙසේ වෙතත් මෙම කැරැලල් සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂකයින් සිය සැකය පළකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here