Home උණුසුම් පුවත් උසස්පෙළ ප්‍රතිඵල එන දවස

උසස්පෙළ ප්‍රතිඵල එන දවස

උසස්පෙළ ප්‍රතිඵල එන දවස

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසයේදී නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසයි.

එම ප්‍රතිඵල සැප්තැම්බර් 10 ට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ඔහු කීය.

මෙම වසරේ ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වා පැවති උසස්පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 331,709 ක් මුහුණ දී තිබුණි.

එහිදී පාසල් අයදුම්කරුවන් 278,196 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53,513 විභාගයට දෙනෙක් මුහුණ දුන්හ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් 2022 උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට බාධා එල්ල වූ අතර එය පසුව මැයි මස මුලදී අත්හිටුවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here