Home උණුසුම් පුවත් මහනුවර බාලිකාවකට ළමයි දාන්න කූඨ ලේඛන හැදූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

මහනුවර බාලිකාවකට ළමයි දාන්න කූඨ ලේඛන හැදූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

0
මහනුවර බාලිකාවකට ළමයි දාන්න කූඨ ලේඛන හැදූ ග්‍රාම නිලධාරියා අත්අඩංගුවට

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට කූඪ ලේඛන සකස්කර දරුවන් ඇතුලත්කර ගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව දෙයියන්නෙවෙල වසමේ ග්‍රාම නිලධාරියාව මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇත.

චමින්ද ප්‍රසන්න තෙන්නකෝන් (45) නැමැති මෙම ග්‍රාම නිලධාරියා මහනුවර ධර්මාශෝක මාවතේ පදිංචිකරුවෙකි. කූඨ ලේඛන සකස් කිරීමට ආදාර හා අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම ග්‍රාම නිලධාරියාව අත්අඩංගුවටගත් බව විශේෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා විසින් පසුගිය අප්‍රේල් 26 වෙනිදා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භකර තිබුණි. ඔහු පොලීසියට පැමිණිලිකර තිබුණේ තමාගේ නාමය, තනතුර හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස භාවිතාකර දරුවන් පාසලට ඇතුලත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here