තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හතරක් පෝරකයට යවන්න සාක්ෂි දුන් වෙළෙන්දා වෙඩි තබා මරලා

    හතරක් පෝරකයට යවන්න සාක්ෂි දුන් වෙළෙන්දා වෙඩි තබා මරලා

    හපුතලේ පිහිටි මවුන්ට් ක්වින්ස් හෝටලයට ඊයේ රාත්‍රී කාලයේ කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයින් පස් දෙනෙකු එහි රැදී සිටි මිනිස් ඝාතන නඩුවක සාක්ෂිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබේ.

    දෙවිනුවර ගල්කැටිහේනේ පදිංචිකරුවෙක් වන ඒ.පී. සෙනෙවිරත්න (47) නැමැති අය ඝාතනය කර ඇති බව හපුතලේ පොලීසිය කියයි. වෘත්තයෙන් ඔහු වෙළෙන්දෙකි.

    මෙම පුද්ගලයාට මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවත් එහිදී හෝටලයේ හිමිකරුවන චමිල් සුරංග (47) නැමැති අයද තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත්කර ඇති බවත් පොලීසිය කියයි.

    පොලීසිය පවසන්නේ වෙඩි තබා ඝාතනයකර ඇත්තේ හෝටල් හිමියාගේ සහයකයා බවය.

    හෝටල් හිමිකරුත් සහයකයාත් හෝටලයේ ආලින්දයට වී රූපවාහිනිය නරඹමින් සිටියදි එහි පැමිණි පුද්ගලයින් පස් දෙනෙක් මත්පැන් පානය කිරීමට අවශ්‍ය යැයි පවසා ඇති බව පොලීසිය කියයි. මත්බැන් පානය කිරීමට එහි ඉඩ ලබාදිය නොහැකි බව හිමිකරු පවසා ඇති බවත් එහිදී එකවරම එම පිරිස අතර සිටි අයෙක් ගිනි අවියක් අතට ගෙන දෙදෙනාටම වෙඩි තබා ඇති බවත් පොලීසිය කියයි.

    ඝාතනයට ලක්වූ පුද්ගලයා මාතර මහාධිකරණයේ නඩු අංක 167/10 දරණ නඩුවේ සාක්ෂිකරුවෙකි. ඔහුගේ සාක්ෂියෙන් මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ එකම පවුලේ සිව් දෙනෙක් 2017 වසරේ මරණීය දණ්ඩනයට ලක්ව ඇති බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ ඥාතීන්ගෙන් මෙම පුද්ගලයාට මරණ තර්ජන එල්ලවී තිබී ඇත. ඒ නිසාම ඔහුට ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලීසියට දැනුම්දී තිබී ඇත. ඒ අනුව ගන්දර පොලීසිය ඔහුට පැය 24 පුරා ආරක්ෂාවක් ලබාදී තිබී ඇත. ඒ ඔහු ගන්දර පොලිස් වසමේ රැදී සිටින අවස්ථාවන්වලදීය.

    පොලීසිය පවසනුයේ වසර එකහාමාරක් තිස්සේ ඔහු රැදී සිට ඇත්තේ හපුතලේ බවය. ඉද හිට ඔහු දෙවිනුවරට පැමිණ යන බවත් ඒ පැමිණෙන විට පොලීසිය දැනුවත්කරන බවත් පොලීසිය කියයි. එවිට ඔහුට ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය කියයි. අවසානයට ඔහු දෙවිනුවර පැමිණ ඇත්තේ දෙවිනුවර පෙරහැර දිනවල බවත් දින 03ක් රැදී සිට ඔහු ගොස් තිබෙන බවත් පොලීසිය කියයි.

    මෙම වෙඩි තැබීම සැළසුම් සහගතව කර ඇති බව පෙනී යන බව පොලීසිය කියයි. ඝාතකයින් හදුනාගැනීමට විමර්ශන පැවැත්වෙන බව ද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img