Home උණුසුම් පුවත් චීන විදේශ ඇමති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

චීන විදේශ ඇමති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

චීන විදේශ ඇමති සහ තායිලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

 
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා බෙයිජිං නගරයේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම විදේශ අමාත්‍ය  දොන් ප්‍රමුද්විනායි මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම හමුව ඊයේ (19) සිදුවිය.
 
පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනගමින් ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දීමට චීනය සූදානමින් සිටී. ආසියාන් සංගම් ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩ සහය දක්වන චීනය, ආසියාන් සංගමයේ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමට සහ ආර්ථික වර්ධන මධ්‍යස්ථානයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට ද කැපවන බව  වං යී මහතා ප්‍රකාශ කළේය. ආසියාන් රටවල් සමඟ  “දකුණු චීන මුහුදු කලාපයේ කාර්යයන් පිළිබඳ ප්‍රමිතීන්” පිළිබඳ සාකච්ඡාව කඩිනම් කිරීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.
 
අන්‍යොන්‍ය ජයග්‍රහණ සහිත සහයෝගිතාව තහවුරු කරමින්, චීනය සමඟ එක්ව පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමට තායිලන්තය සූදානම් බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here