Home උණුසුම් පුවත් විදුලි කප්පාදුව වළකන්න හදිසි මිලදී ගැනීමට අනුමැතිය

විදුලි කප්පාදුව වළකන්න හදිසි මිලදී ගැනීමට අනුමැතිය

විදුලි කප්පාදුව වළකන්න හදිසි මිලදී ගැනීමට අනුමැතිය

මාස 6ක කාලයක් සදහා මෙගා වොට් 100ක විදුලිය මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අද (17) අනුමැතිය ලබා දී තිබේ.

ප්‍රධාන කොන්දේසි 3ක් යටතේ 2023 අගෝස්තු මස 18 වැනි දින සිට මාස 6ක කාලයක් සදහා පමණක් විදුලිය මිලදී ගැනීම සදහා අනුමැතිය ලබා දී ඇත.

කුසලතා පදනම මත අදාළ විදුලි මිලදී ගැනීම සිදු කළ යුතු අතර විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් කාලය අවසානයේදී එම මිලදී ගැනීම පිළිබද ස්වාධීන විගණනයක් සිදු කළ යුතුයි.

එමෙන්ම කොත්මලේ පොල්පිටිය කිලෝවොට් 220 රැහැන 2024 අගෝස්තු 31ට පෙර සක්‍රිය කළ යුතු ය. අවම පිරිවැය මත පදනම් ව මෙම විදුලිය මිලදී ගැනීම සිදු කළ යුතු වේ.

පවතින නියං සහිත කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිපදවීමට දුෂ්කරතා එල්ල වී ඇති අතර මේ හේතුවෙන්, විදුලි කප්පාදුවක් නොකොට අඛණ්ඩ විදුලි සැපයුමක් සහික කිරීමට නම් ක්ෂණික විදුලිය මිලට ගැනීමට සිදුවන බව විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here