Home උණුසුම් පුවත් ඉංගිරියේ රිය අනතුරින් අතුරුගිරියේ රාළහාමි මියයයි

ඉංගිරියේ රිය අනතුරින් අතුරුගිරියේ රාළහාමි මියයයි

0
ඉංගිරියේ රිය අනතුරින් අතුරුගිරියේ රාළහාමි මියයයි

පාදුක්ක- ඉංගිරිය මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් අතුරුගිරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇත.

වයස අවුරුදු 34ක් වන මෙම කොස්තාපල්වරයා කලවාන නාවලකන්දේ පදිංචිකරුවෙකි.

මෙම පොලිස් නිලධාරියා අනතුරට ලක්වන විට යතුරුපැදියක ගමන්කරමින් සිට ඇත. එම යතුරුපැදිය පදවා ඇත්තේ මෙම නිලධාරියාය.

යතුරුපැදිය පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ගමන්කරමින් තිබියදී එය ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදිය එම ලොරි රථයේ ගැටී විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් කුඩා ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ඉංගිරිය රෝහලට ඇතුලත්කර ඇත. එසේ රෝහල්ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බව ඉංගිරිය පොලීසිය කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here