Home උණුසුම් පුවත් ගාල්ලෙන් දඹුල්ලට 147ක ඉලක්කයක්

ගාල්ලෙන් දඹුල්ලට 147ක ඉලක්කයක්

0
ගාල්ලෙන් දඹුල්ලට 147ක ඉලක්කයක්

එල්.පී.එල් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට පැමිණි ගෝල් ටයිටන්ස් කණ්ඩායම දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව අද (17) ලකුණු 146ක් ලබා ගත්තේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා දඹුල්ල අවුරා කණ්ඩායමට ලකුණු 147ක් අවශ්‍ය වේ. ගෝල් ටයිටන්ස් කණ්ඩායමට අද පැවැති තරගයේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවද ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ලසිත් කෘෘස්පුල්ලේ පන්දු හැට එකක දී ලකුණු 80ක් ලබා ගනිමින් ගොල් ටටිටන්ස් කණ්ඩායමට යම් සාර්ථකත්වයක් ලබා දුන්නේය.

කෘෘස්පුල්ලේ හැරුණුකොට ගෝල් ටයිටන්ස් වෙනුවෙන් ශකිබ් අල් හසන් ලකුණු 19ක්, ළහිරු සමරකෝන් ලකුණු 15ක් හා නායක දසුන් ශානක ලකුණු 12ක් ලබා ගත්හ.

ජයග්‍රහණය හඹා යන දඹුල්ල අවුරා කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේ ලකුණු 7ක් ලබා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here