Home උණුසුම් පුවත් නියඟයෙන් හානිවූ ගොවිබිම්වලට වන්දි

නියඟයෙන් හානිවූ ගොවිබිම්වලට වන්දි

නියඟයෙන් හානිවූ ගොවිබිම්වලට වන්දි

නියඟය හේතුවෙන් හානියට පත් ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට අදාළ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව වාචිකව ඊයේ (14) කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ බවය.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම සහ අර්ධ වශයෙන් හානි වී ඇති ගොවිබිම් සඳහා වන්දි ලබාදීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍යවරයා  සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here