වෑන් රථයක් සහ ලොරි රථ දෙකක් අද අලුයම ඒ 09 පාරේ පනිච්චන්කුලම ප්‍රදේශයේදී එකිනෙකට ගැටී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙක් මියගොස් අට දෙනෙක් ලබා ඇත.
වෑන් රථය කොළඹ දෙස සිට යාපනය දෙසට ගමන්කරමින් තිබී ඇතැයි මාන්කුලම පොලීසිය කියයි.
එම වෑන් රථය මාර්ගයේ එම දිසාවට නතරකර තිබුණු ලොරියක ගැටී ඇති බවත් එම ලොරිය ඉදිරියෙන් තිබුණු තවත් ලොරි රථයක ගැටී තිබෙන බවත් පොලීසිය කියයි.
පිටුපස ලොරියේ රියදුරු අනතුර සිදුවන විට ලොරි රථයෙන් බැස සිට ඇත. අනතුරින් ඔහු ලොරි රථ දෙක අතර සිරවී බරපතල තුවාල ලබා සිරවී සිට ඇත.
එම ලොරි රථයේ සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇත. එසේ මියගොස් ඇත්තේ මුල්ලේරියාව, වැල්ලම්පිටිය හා යාපනයේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවන්නන්ය.