තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්අත්තනගලු ඔය පිටාර ගලා ගම්පහ යටවෙයි

    අත්තනගලු ඔය පිටාර ගලා ගම්පහ යටවෙයි

    අත්තනගලු ඔය සහ දී ඇලි ඔය පිටාර ගැනීමෙන් ගම්පහ නගරයේ ස්ථාන කිහිපයක් ඇතුළු පහත් බිම් රැසක් අද (15) උදෑසන වන විට ජලයෙන් යටවී තිබුණි.

    උඩුගම්පොල, බෙම්මුල්ල, අස්ගිරිය, ඉහළගම යන ගම්මාන මේ වන විට ජල ගැලීම්වලට ලක්ව තිබේ. බොහෝ පිරිසක් සිය නිවාස අතහැර ඥාති නිවෙස්වෙත ගොස් ඇති බවද සදහන්ය.

    ගම්පහ ඉහළගම පිහිටි වාන්දොරටුනක් බිදීයාමේ අවධානමක් ඇතිවී තිබෙන බවද ප්‍රදේශවාසීන් සදහන් කරති.

    මේ ආකාරයට ගම්පහට ජල ගැලීමක් සිදුවන්නේ වසර 05 කට පසුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img