Home උණුසුම් පුවත් මිල ඇසුවාට සීගිරියේ කඩහිමි යුවළක් විදෙස් සිසුන්ට පහරදීලා

මිල ඇසුවාට සීගිරියේ කඩහිමි යුවළක් විදෙස් සිසුන්ට පහරදීලා

0
මිල ඇසුවාට සීගිරියේ කඩහිමි යුවළක් විදෙස් සිසුන්ට පහරදීලා

බිස්කට් හා පැණි බීම මිලදී ගැනීමට පෙර එහි මිල ගණණ් විමසීම හේතුවෙන් උරණ වූ සීගිරිය තානායම අසල පිහිටි කැෆේ එකක් පවත්වාගෙන යන අඹුසැමි යුවලක් විසින් ඉතාලි සහ ප්‍රංශ ජාතික සිසුන් තිදෙනෙකුට සහ ශ්‍රී ලංකාකික සිසුවෙකුට ඊයේ (08) පහරදී ඇත.

මෙම විදේශීය සිසුන් මෙරටට පැමිණ ඇත්තේ ප්‍රංශයේ උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින පිළියන්දල මඩපාත පදිංචි 21 හැවිරිදි සිසුවෙකු සමගිනි. ඒ අය අතර ඉතාලි ජාතික එක් සිසුවෙක්ද ප්‍රංශ ජාතික සිසුන් දෙදෙනෙක්ද සිටින බව පොලීසිය කියයි.

මේ අය ඊයේ සීගිරිය හා පිදුරංගල නැරඹිමට ගොස් මෙම අකරතැබ්බට මුහුණ දී ඇති බව සීගිරිය පොලීසිය කියයි.

මෙම සිසුන් කළ පැමිණිල්ලට අනුව එම ආපන ශාලාව පවත්වාගෙන යන අඹුසැමියන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් මෙම සිසුන්ගෙන් සමාව අයදීම හේතුවෙන් උසාවි නොගොස් ගොඩින් මේ ප්‍රශ්නය පොලීසියේ මැදිහත් වීමෙන් විසදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here