තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධික රස්නෙට වික්ටෝරියාවේ ජලය දිනකට ලීටර් මිලියන 3ක් වාෂ්ප වෙනවා

    අධික රස්නෙට වික්ටෝරියාවේ ජලය දිනකට ලීටර් මිලියන 3ක් වාෂ්ප වෙනවා

    වැසි රහිත වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයෙන් දෛනිකව ජලය ලීටර් මිලියන තුනක් වාෂ්ප වන බව එහි කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි.

    මධ්‍යම කදුකරයේ විශාලතම ජල විදුලි උත්පාදන ජලාශය වන වික්ටෝරියාව සම්පූර්ණයෙන් පිරිණු විට වර්ග කිලෝමීටර් 24 ක වපසරියකින් සමන්විත වන බවත් ජලය අඩුකම නිසා මේ වනවිට වර්ග කිලෝ මීටර් 13 ක ප්‍රමාණය ජලය නොමැති බවත් ඉංජිනේරුවරයා පැවසුවේය.

    මේ වනවිට ජලාශයේ පිරී තිබෙන වර්ග කිලෝ මීටර් 11 ක් වපරිසයෙන් යුත් පෘෂ්ඨයේ මිලි මීටර් 05 ක් උසට ඇති ජල ප්‍රමාණය දෛනිකව වාෂ්ප වන බවද ඒ මහතා කීය.

    ජලාශය පිරී ඇති අවස්ථාවේ ජල පරිමාවෙන් මිලි මීටර් දෙකක උසට ඇති ප්‍රමාණයක් සාමාන්‍යයෙන් වාෂ්ප වන නමුත් පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා වාෂ්පවන ප්‍රමාණය දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා කීවේය.

    මෙම ගැටලුවට විසදුමක් වශයෙන් ජලාශ මත පාවෙන සූර්යය පැනල සවිකිරීම යෝජනා වී ඇති බවත් එවැනි ව්‍යාපෘති මේ වන විට ජර්මනිය, කොරියාව, චීනය වැනි රටවල ක්‍රියාත්මක වන බව කාර්යයභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img