Home උණුසුම් පුවත් EPF පොලිය ගැන ජනපතිගේ යෝජනාවට කැබිනට්ටුව අත උස්සයි

EPF පොලිය ගැන ජනපතිගේ යෝජනාවට කැබිනට්ටුව අත උස්සයි

EPF පොලිය ගැන ජනපතිගේ යෝජනාවට කැබිනට්ටුව අත උස්සයි

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ගේ දායකත්ව මුදල් මත වන ප්‍රතිලාභ, පොලී අනුපාතය තහවුරු කිරීමට හැකි වන පරිදි 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට රජය තීරණය කරයි.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්තකරණයට ලක් වීම තුළින් එම අරමුදලේ සාමාජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇත.

ඒ අනුව, පසුගිය වසර පහක (05) කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොලී ප්‍රතිලාභ ප්‍රතිශතයන් සැලකිල්ලට ගෙන, 2023-2026 කාලය දක්වා ඉදිරි වසර හතරක (04) කාලය තුළ දායකත්ව මුදල් මත හිමි වන වාර්ෂික පොලී අනුපාතය අවම වශයෙන් 9%ක් විය යුතු බවට නියම කෙරේ.

ඒ සඳහා 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here