Home උණුසුම් පුවත් “ඉල්ලපු වෙලේ වතුර නොදී වන්දි දෙන්න ගිය නිසා උඩවලවේ ප්‍රශ්නය උග්‍ර වුණා”

“ඉල්ලපු වෙලේ වතුර නොදී වන්දි දෙන්න ගිය නිසා උඩවලවේ ප්‍රශ්නය උග්‍ර වුණා”

“ඉල්ලපු වෙලේ වතුර නොදී වන්දි දෙන්න ගිය නිසා උඩවලවේ ප්‍රශ්නය උග්‍ර වුණා”

උඩවලව ගොවීන් විසින් මීට පෙර සතියකට ජලය ඉල්ලු අවස්ථාවේ ජලය මුදාහැරියා නම් උග්‍රවී ඇති ගැටලුව බොහෝ දුරකට විසඳෙන නමුත් කැබිනට්ටුව විසින් ගොවීන්ට ජලය නොදී විදුලිය සඳහා ජලය ඉතිරි කර වන්දි ලබාදීමට තීරණය කළ නිසා මේ ගැටලුව උග්‍ර වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නමුත් ජලය සම්පූර්ණයෙන් හිදුන පසු ජලය නිකුත් කිරීමට තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කිරීම බවත් ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය අක්‍රීය වී ඇති බවත් විපක්ෂ නායකවරයා කියයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (8) පාර්ලිමේන්තුවේ දී උඩවලව ගොවීන්ගේ ජල අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ නගමිනි.

උඩවලව ජලාශ්‍රයේ අක්කර අඩි දෙලක්ෂ දාහත්දාහක් පවතින බවත් පසුගිය දිනවල ගොවීන් ජලය ඉල්ලන විට අක්කර අඩි 2000ක් පැවතියත් මේ වන විට එය අක්කර අඩි 918 දක්වා පහළ වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වම් ඉවුර සහ දකුණු ඉවුර ආදී ඒකක 7කට ජලය සපයන මෙහි පවුල් 30000කට ආසන්න ප්‍රමාණයක් අක්කර 62000ක වී, කෙසෙල්, උක්, බඩඉරිගු වගා කරන බවය.

අසූචි පොහොර වෙනුවෙන් තේරීම් කාරක සභා ඇති නොකළ රජය ජලය නොමැතිව හඬා වැළපෙන ගොවියාගේ දුක රටට හෙළි කළ මාධ්‍යයට විරුද්ධව තේරීම් කාරක සභා ඇති කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here