Home උණුසුම් පුවත් ඇතැම් ප්‍රදේශවල වතුර බෙදිල්ල කාලසටහනකට

ඇතැම් ප්‍රදේශවල වතුර බෙදිල්ල කාලසටහනකට

ඇතැම් ප්‍රදේශවල වතුර බෙදිල්ල කාලසටහනකට

පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් ජල සම්පාදන මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය ජල සම්පාදන මධ්‍යස්ථාන මගින් නිෂ්චිත කාල සටහනක් අනුව ජලය පාරිභෝගිකයින්ට බෙදා හරින බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සැලසුම් අධ්‍යක්ෂ අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, තංගල්ල ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානයෙන් ජලය බෙදා හැරීම මේ වනවිට කාල සටහන් අනුව සිදු කරන බවය.

ඒ අනුව නිකවැරටිය, හෙට්ටිපොළ, මහනුවර පුස්සැල්ලාව, ගම්පොලවත්ත යන ප්‍රාදේශීය ජල මධ්‍යස්ථානවල ද ජලය බෙදා හැරීම කාලසටහන් අනුව සිදු වන බවද ඇය සඳහන් කළාය.‍

ඊට අමතරව ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් යොදා ගෙන ජලය බෙදා හරින බව ද ඇය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here