Home උණුසුම් පුවත් පියන්ලා දෙන්නෙක් මහනගර සභාවේ කෝටි ගානකට විදලා

පියන්ලා දෙන්නෙක් මහනගර සභාවේ කෝටි ගානකට විදලා

0
පියන්ලා දෙන්නෙක් මහනගර සභාවේ කෝටි ගානකට විදලා

කල්මුණේ මහ නගර සභාවේ සිදුව ඇති රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් කාර්යාල කාර්ය සහයකයින් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහ නගර සභාවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස්කරමින් මෙම වංචාව කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි.

වරිපනම් බදු ඇතුළු නගර සභාවට අයවිය යුතු මුදල් මෙසේ වංචාකර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

අවුරුදු 25 සහ 26 යන වයස්වල පසුවන මෙම කාර්යාල සහයකයින් දෙදෙනා සයින්දමර්දු හී පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here