තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුළු - මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත හිමියන් කබලෙන් ළිපට

    සුළු – මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත හිමියන් කබලෙන් ළිපට

    රජය වැට් බද්ද ආපසු ගෙවීම අහෝසි කිරීම නිසා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත හිමියන් කබලෙන් ළිපට වැටී ඇතැයි ශ්‍රී ලංකා ඇගළුම් අපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පැවසීය.

    අපනයනකරුවන්ට වැට් බදු යළි ගෙවීම හෙවත් සරල කරන ලද වැට් බදු ක්‍රමය හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ විශාල දිරිගැන්වීමක් තිබුණු නමුත් එම ක්‍රමය ඉවත් කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් සමාගම්වලට ප්‍රවාහය කළමනාකරණය කර ගැනීමේ ගැටලු රැසක් මතුව ඇතැයි ද බන්දුල ප්‍රනාන්දු මහතා කීය.

    යුරෝපයේ පවතින ආර්ථික අර්බුදය නිසා මෙරට ඇඟලුම් අපනයනය අඩුව තිබෙන හෙයින් ආනයනය ද සියයට අසූවකින් පමණ අඩු කිරීමට පියවර ගත යුතු බවද ඔහු කීය.

    මෙරට ඇඟලුම් අවශ්‍යතාවයෙන් සියයට හැටක් ආනයනය කරන අතර දේශීයව සපයා ගනු ලබන්නේ 40%ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු පැවසීය.

    මෙරට නිෂ්පාදිත ඇඟලුම් භාවිතය වැඩි කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ආරක්ෂා වී සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු වන බව ද බන්දුල ප්‍රනාන්දු මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img