Home උණුසුම් පුවත් ට්‍රැෆික් රාළහාමිට මරණ තර්ජනය කළ රියදුරු අත්අඩංගුවට

ට්‍රැෆික් රාළහාමිට මරණ තර්ජනය කළ රියදුරු අත්අඩංගුවට

0
ට්‍රැෆික් රාළහාමිට මරණ තර්ජනය කළ රියදුරු අත්අඩංගුවට

රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුව වාහනයකට යටකර මරා දමන බවට තර්ජනය රියදුරෙක් විසින් කරනු ලබන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් වූ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන්නේ දැඩි අවධානයට එය යොමුකරමිනි.

වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් අපරික්ෂාකාරීව මගීන් රැගෙන ගමන් කළ බස් රථ රියදුරෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම නිලධාරියාට එවන් මරණ තර්ජනයක් එල්ලවී තිබුණි.

එම පොලිස් නිලධාරියා වැලිකඩ පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින්නෙකි. මෙම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ ඒ කෙරෙහි ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවීමත් සමඟ වැලිකඩ පොලීසියේ නිලධාරීන් ඊයේ එම බස් රථ රියදුරුව අත්අඩංගුවට ගත්තේය.

එම රියදුරා මහරගම නීලම්මහරේ පදිංචිකරුවෙකි. 176 මගී බස් රථයක රියදුරෙක් වන ඔහුව අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here