Home උණුසුම් පුවත් කහවත්තේ පතලක් කඩා වැටී තුනක් යටවේ – අයෙක් මරුට

කහවත්තේ පතලක් කඩා වැටී තුනක් යටවේ – අයෙක් මරුට

0
කහවත්තේ පතලක් කඩා වැටී තුනක් යටවේ – අයෙක් මරුට

කහවත්ත සමරකන්ද පුරාණ ගල්ලෙන් විහාරය අසල දොළ ප්‍රදේශයේ පතලක් කඩා වැටීමෙන් ඒ තුළ සිටි තිදෙනෙක් ඊට යටවී තිබේ.

ඊයේ දින සවස් කාලයේ සිදුවූ මෙම අනතුරින් එක් අයෙක් මියගොස් ඇති බව පොලීසිය කියයි.

පස් අතර සිරවී සිටි තිදෙනාව ගොඩ ගැනීමට ප්‍රදේශවාසීන්ට දැඩි පරීශ්‍රමයක්ද දැරීමට සිදුව ඇත. පස් අතර සිරවී සිටි තිදෙනාව නිරුපද්‍රිතව බේරාගත්තද ඒ අය අතර සිටි අයෙක් මිය යන්නේ රෝහල්ගතකරන අවස්ථාවේදීය.

මෙසේ මියගොස් ඇත්තේ කහවත්ත ඇන්දාන වත්තේ පදිංචිකරුවෙක් වන කේ. සත්‍යමුර්ති (42) නැමැති අයයි.

තුවාලකරුවන් දෙදෙනා මේ වන විට කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here