Home දේශීය පුවත් භූමිතෙල් පහළට පෙට්‍රල් ඩීසල් ඉහළට

භූමිතෙල් පහළට පෙට්‍රල් ඩීසල් ඉහළට

භූමිතෙල් පහළට පෙට්‍රල් ඩීසල් ඉහළට

ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දමමින් ඉන්දන මිල ගණන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 348කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 375ක් වේ.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා තිබේ.එහි නව මිල රුපියල් 358කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 306ක් ලෙසය.

භූමිතෙල් මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 226කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here