තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඕනෑම මැතිවරණයට අපි සූදානම්" -විපක්ෂ නායක

    “ඕනෑම මැතිවරණයට අපි සූදානම්” -විපක්ෂ නායක

    ඕනෑම මැතිවරණයට තම පක්ෂය සූදානම් බවත් ඒ සඳහා ජනතාව ඉල්ලන මැතිවරණ අයිතිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    රට තුළ අද දවසේ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවත් රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය වංචාව ඉහළ ගොස් ඇති බවත් හෙතම අද (28) චෝදනා කළේය.

    අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ගුරු උපදේශකවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

    “ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතේ ආණ්ඩුවක් නැති තරමේ හොරකම වංචාව දූෂණය ඉස්මතු වී තිබෙනවා. දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව තිබෙනවා.

    මෙවන් තත්ත්වයක් තුළ ජනතාව ඉන්න දුකින් මුදා ගැනීමට නොහැකි නම් නව වරමක් සදහා යා යුතුයි. එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකියි.

    සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම්. එම නිසා ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතුයි. අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා සෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරමයි. රජයට රට ගොඩගන්න බැරි නම් ජන වරමකට යා යුතුයි. ඒ ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම්” යැයි විපක්ෂ නායකවරයා පැවැසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img