Home උණුසුම් පුවත් රෝහල්වල ඖෂධ හිඟය නැතිකරන්න හදිසි මිලදී ගැනීම්

රෝහල්වල ඖෂධ හිඟය නැතිකරන්න හදිසි මිලදී ගැනීම්

රෝහල්වල ඖෂධ හිඟය නැතිකරන්න හදිසි මිලදී ගැනීම්

රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහැරවීම සඳහා හදිසි මිලදී ගැනීමට යටතේ ඖෂධ වර්ග 160ක් පමණ මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඖෂධ ආනයනය කිරීමට මාස හයක් පමණ ගත වන හෙයින් ඒවා හදිසි මිලදී ගැනීම යටතේ ලබා ගැනීමට තීන්දු කළ බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කීය.

පිළිකා සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 65ක් මේ වන විටත් ඇනවුම් කර තිබෙන බවද කී රත්නායක මහතා මාස දෙකක පමණ කාලයක දී ඖෂධ හිඟය මඟහැරී යනු ඇතැයිද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here