Home උණුසුම් පුවත් වසන්ත මුදලිගේ අත්අඩංගුවට

වසන්ත මුදලිගේ අත්අඩංගුවට

0
වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාව කුරුදුවත්ත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගත්තේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ආසන්නයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් අධිකරණයේ විභාගවන අදාලව නිකුත්කර ඇති වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම වරෙන්තුවට අනුව තමා අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව මෙහිදී වසන්ත මුදලිගේ මහතා පොලීසිය දැනුවත්කර ඇත. එහෙත් එම වරෙන්තුව නැවත කැදවීමක්කර නොමැති බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here